Header Ads

Breaking News
recent

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු කුඩුත් එක්ක මාට්ටු

පලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනේ.

ඊයේ (25) සවස ඉපලෝගම පොලීසිය හා යුදහමුදා බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 65කට ආසන්න ප්‍රමාණයක් සමග මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් සැකකරුවෙක් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.

සැකකරුවන් අවුරුදු 26,28,32 වයස්වල පසුවන්නෝ ය.

මොවුන් ඉපලෝගම,සේනපුර සහ මහමීගස්වැව පදිංචිකරුවන් ය.

සැකකරුවන් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරේ. 


No comments:

Powered by Blogger.