පුහුණුව අවසන් කරන ලද සංවර්ධන නිලධාරීන් ස්ථිර කරන ලෙස ඉල්ලා විරෝධතාවයක් - (photos)
ස්ථිර නොකරන ලද සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම, කප්පාදු කරන ලද ප්‍රසූත නිවාඩු ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒ්කාබද්ධ සංවර්ධන නිලධාරී සංගමය ඊයේ (සැප්. 02) කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීය.
ඉන් පසුව ආර්ථික අමාත්‍යාංශය වෙත ඔවුහු පා ගමනින් ගිය අතර අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කොට සිය ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබිණි.
මෙහිදී අදහස් දක්වමින් ඒ්කාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ 2019 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් බඳවාගත් 16800ක් වන සංවර්ධන නිලධාරීන්ගේ පුහුණුව වසරක කාලයක් අවසන්ව ඇතත් ඔවුන් ස්ථීර නොකර පුහුණු කාලය දෙසැම්බර් දක්වා දිගු කර ඇති බවයි. එසේම මෙම දින 84 ප්‍රසූත නිවාඩු කප්පාදු කර ඇති බවද ඔහු පවසයි.

No comments: