කොරෝනා ආසාදිතයන් 05ක් මිය යයි.. ඉන් 03 දෙනෙක් මිය ගොස් ඇත්තේ නිවසේදීමයි.. දැන් 29යි..
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද දිනයේ පුද්ගලයන් පස් දෙනකු මරණයට පත් වී ඇත.
ඔවුන්ද සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 29 තෙක් ඉහල යයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තොරතුරු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇත්තේ මෙසේය.
කොලඹ 02 පදිංචි කරුවෙකු වූ 46 හැවිරිදි පුද්ගලයෙකු පිඹුර රෝහලේ දී මිය ගොස් ඇත. ඔහු දීර්ඝකාලීන වකුගඩු රෝගයකින් පෙළුන පුද්ගලයෙකි.
68 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. ඇයද කොරෝනා ආසාදිත කාන්තාවකි.
කොළඹ 12 පදිංචි 58 හැවිරිදි කාන්තාවක් තම නිවසේ දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඇය කොරෝනා ආසාදිත වූ බවයි. මරණයට ආසන්න හේතුව ලෙස වාර්තා කර ඇත්තේ කොරෝනා ආසාදනයෙන් ඇති වූ හෘදයාබාධයකි.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 වියැති කාන්තාවක් ද තම නිවසේදීම මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යයි හෙලිවී තිබේ. මරණයට ආසන්න හේතුව කොරෝනා ආසාදනයෙන් සිදු වූ පෙනහළු ආසාදනයකි.
74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ 15 ප්‍රදේශයේ තම නිවසේදී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. මරණයට ආසන්න හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ හෘදයාබාධයකි.
No comments: