Header Ads

Breaking News
recent

මෙරටට හොරෙන් ඇතුළු වි කොරෝනා බෝ කරන්නන් ගැන තොරතුරු.. අල්ලන්න බුද්ධි අංශ කණ්ඩායම් 05ක් යොදවයි !

හොර පාරෙන් මෙරටට ඇතුළු වී කොරෝනා බෝකරන පුද්ගලයන් සිටිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එනිසා ඒ අය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් සෙවිල්ලෙන් සිටින බව පැවසූ ඔහු බුද්ධි අංශ කණ්ඩායම් පහක් පමණ මේ සඳහා යොදවා ඇතැයි කියා සිටියේය.

මෙරට දෙවැනි රැල්ලේ කොරෝනා බෝකල පිරිස් අතර මුහුදු මාර්ගයෙන් පැමිණි අය ද වෙනත් හොර මාර්ග වලින් පැමිණි අයගේ සිටිය හැකි බවද ඔහු පැවසීය.

එනිසා මෙවැනි පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

පසුගිය කාලයේ මෙරටට පැමිණ ඇති ගුවන් යානා කාර්ය මණ්ඩලය ගැන ද සොයා බැලිය යුතුව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ නීති විරෝධී ක්‍රම මගින් මෙරටට ඇතුල් වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් අරඹා ඇති බවයි.


No comments:

Powered by Blogger.