Header Ads

Breaking News
recent

කොරෝනා මරණ පිළිබඳ සමාලෝචනයක් ඕනෑ... නැතිනම් ඉදිරි මරණවල වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ - GMOA

වාර්තා වෙමින් පවතින කොරෝනා මරණ සෑම එකක්ම සම්බන්ධයෙන් සමාලෝචනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බවත් සතියක් තුළ එසේ නොකරන්නේ නම් ඉදිරියේදී සිදුවන මරණ සම්බන්ධයෙන් වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

"07 වෙනිදාත් මරණ දෙකක් ගෙවල්වල සිදුවීමේ තත්වය යටතේ මේ මරණ සමාලෝචනයක් සිදුකළ යුතුයි. මේ මරණ අතර එකිනෙකට සම්බන්ධයක් තියෙනවාද, එතකොට පෑලියගොඩ - මිනුවන්ගොඩ පොකුරත් එක්ක සෘජු සම්බන්ධයෙක් මේ මරණවලට තියෙනවද, මේ එකක්වත් මේ දක්වා පැහැදිලි වෙලා නෑ. 

ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි ඉතාම ඕනෑකමින් කියනවා එළඹෙන සතිය වෙනකොට මේකට අවශ්‍ය කරන යාන්ත්‍රණය හදන්න. එහෙම නැති වුණොත් මේ සිද්ධ වෙන මරණ වල වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත යුතුයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


No comments:

Powered by Blogger.