Header Ads

Breaking News
recent

Moබොඩි බෑග්වල එන මිනී දාන්න, පෙට්ටි නැතිව මෝචරි සේවකයෝ අවුලක !

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ නගරය තුළ මිය යන පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනාගාරය වෙත ගෙන යාමට මිනි පෙට්ටි සපයා ගැනීමේදී මෘත ශරීරාගාර සේවකයන් (මෝචරි) දැඩි අපහසුතාවයකට ලක්වන බව වාර්තා වේ.

ඒ මෙසේ මිය යන ඇතැමුන්ගේ සමීපතම ඥාතීන් නිරෝධායනයට ලක්ව සිටීම, ඥාතීන් සන්තකයේ මුදල් නොමැතිවීම හා ඇතැම් අවමංගල්‍ය ශාලා මිනි පෙට්ටි සඳහා විශාල මුදලක් අය කිරීම යන කාරණා නිසාය.

එසේම ඇතැම් මල් ශාලාවල ඇති මිනි පෙට්ටි ශක්තිමත් බවකින් තොරවී ද මේ තත්ත්වය තීවුර කර ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් මෘතශරීර ප්‍රවාහනය සඳහා ජාතික රෝහල මගින් යොදවා ඇති ගිලන් රථයේ රියැදුරු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනා මෙන්ම අධිකරණ වෛද්‍ය ආයතනයේ මෘතශරීර විච්ඡේදන ශිල්පීන් හටද එම කාර්යය සම්පූර්ණ වන තුරු බොහෝ වේලාවක් ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳ ගෙන බලා සිටීමට සිදුව ඇති බව පැවසේ.

කෙසේවුවද, මේ මෘතශරීර බහාලුමක තැන්පත් කොට (Body Bag) ඇති නිසා ඒවායින් විෂබීජ පරිසරයට නිරාවරණය නොවීම ඇති එකම සහනයැයි මෘතශරීරාගාර සේවකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

රජය මැදිහත් වී ටෙන්ඩර් පටිපාටියක් තුලින් හෝ අඩු වියදමකින් සංවෘත ශක්තිමත් පෙට්ටියක් ඉකිමනින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හෝ එම කාර්යය යම් පරිත්‍යාගශීලි ආයතන හා පුද්ගලයින් වෙතින් සිදු කර ගැනීමේ හැකියාවක් තිබේ නම් එය විශාල සේවයක් බව එම සේවකයා වැඩිදුරටත් කීය.

වැල්ලම්පිටි කතගේ දේහය පැය 48ක් මෘත ශරීරාගාරයේ !

ඉකුත් 04 වැනිදා ස්වසන අපහසුතාවයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය වැල්ලම් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය පැය 48කටත් වැඩි වේලාවක් මෘත ශරීරාගාරයේ තිබූ බවද මේ අතර වාර්තා වේ.

නිරෝධායන නීති අනුව දේහයක් ආදාහනය කිරීම පැය 24ක් තුළ සිදු කළ යුතු වුවද මිනි පෙට්ටියක් සපයා ගැනීමට නොහැකිවීමෙන් මෙම කාන්තාවගේ දේහය මෘතශරීර බහාලුමක (බොඩි බෑගයක) දාම රෝහල් මෘත ශරීරාගාරයේ පැය 48කට වැඩි කාලයක් තබා ගැනීමට සිදුව ඇති බවද පැවසේ.

ඡායාරූප - නලින් හේමන්තගේ ෆේස්බුක් පිටුවෙනි


No comments:

Powered by Blogger.