Header Ads

Breaking News
recent

කොරෝනා එන්නත මුලින්ම විදින මෙරට පිරිසගේ නම් ලයිස්තුව හදයි

කොරෝනා වයිරසය සඳහා සොයා ගනු ලබන එන්නතක් පළමු අදිරේදීම ලබාදිය යුතු මෙරට පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙරට ජනතාවගෙන් 20%කට එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය පළ කර ඇති බවද ඔහු පැවසීය.

එය මැලදී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු වෙමින් ඇති බවද ඔහු පවසයි.

මෙතෙක් කොරෝනා වෛරසය සදහා නිශ්චිත එන්නතක් සොයා ගෙන නැතත් එය සොයාගත් පසු සියලුම ජනතාවට එය ලබාදීම දැවැන්ත ක්‍රියාවලියක් බවත් ඔහු කියා සිටියේය.

එනිසා එහි මූලික කටයුතු දැන්ම ආරම්භ නොකළහොත් ශ්‍රී ලංකාවට එකී අවස්ථාව හිමි නොවුණු ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.


No comments:

Powered by Blogger.