Header Ads

Breaking News
recent

පෙට්‍රල් හා ඩීසල් ආනයනයත් විදේශීය සමාගම් දෙකකට – ‘දේශප්‍රේමී‘ ගම්මන්පිලගෙන් කැබිනට් පත්‍රිකාවක් !

2020 නොවැම්බර් 01 වෙනිදා සිට පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත් දෙකක් විදේශීය සමාගම් දෙකකට ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ දේශිය කර්මාන්ත ගැන නිතර කෑමොර දෙන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසිනි.

ඒ අනුව පෙට්‍රල් බැරල් ලක්ෂ 18ක් ආනයන කිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ M /S E3 Energy DMCC සමාගමට ලබාදී තිබේ. ඩීසල් බැරල් දස ලක්ෂ අසූ දහසක් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමට M /S  swiss Singapore / Overseas Enterprise’s PTV LTD  සමාගමට ලබාදී තිබේ.

මීට පෙර පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමේ කටයුතු කරනු ලැබුවේ ඛනිජ තෙල් සංස්ථාව මැදිහත්වීමෙනි. රාජ්‍ය අංශයේ ව්‍යාපාර ශක්තිමත් කිරීමටත් ඒවා ලාභ ලබන ආයතන බවට පත්කිරීමටත් විපක්ෂයේ සිටියදී නිතර වේදිකාවල කතා පැවැත්වු ව්‍යාජ දේශප්‍රේමීන් වු වීමල් වීරවංශ , දිනේෂ් ගුණවර්ධන හා වියත්මගේ බොහෝ අයද මේවනවිට නව ලිබරල් ආර්ථික ක්‍රියාදාමය හා අත්වැල් බැදගනිමින් සිටී.

දැනගන්නට තිබෙන ආකාරයට ඉහත විදේශීය සමාගම් දෙක නියෝජනය කරන දේශීය නියෝජිතයන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවය මත මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් ඉදිරිපත් කොට තිබෙන බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

-colomboxnews


No comments:

Powered by Blogger.