Header Ads

Breaking News
recent

කොරෝනා මරණ භූමදානය කිරීම ගැන අනවශ්‍ය සංවාදයක් සමාජය තුළ ඇති කළේ ආණ්ඩුවමයි – සෝභිත හිමි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් අනවශ්‍ය සංවාදයක් සමාජය තුළ ඇති කළේ ආණ්ඩුව විසින්ම බව ඕමල්පේ සෝභිත හිමි පවසනවා. ආණ්ඩුව විසින් එය හිතාමතාම, සැළසුම් සහගතව සිදු කරන ලද්දක් බවට සැක සිතන්නේ නම් එයද සාධාරණ බවයි සෝභිත හිමි පවසන්නේ.

මේ වනවිට රටේ ජනතාව බහුතරයක් විවිධ ගැටළුවලින් පීඩාවට පත් වී සිටින බව පෙන්වා දෙන සෝභිත හිමි පවසන්නේ එම ගැටළු අමතක කිරීම සඳහා මෙම සංවාදය ඉදිරියට ගෙන තිබෙන්නේද යන සැකය මතුවන බවයි.

වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කරන්නේද ආදාහනය කරන්නේද යන්න පිළිබඳව තීරණය කළ යුත්තේ එම විෂය ක්ෂේත්‍රය පිළිබඳ දැනුමැති, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බළධාරීන් මිස ආගමික නායකයන් හෝ නක්ෂත්‍රකරුවන් හෝ පේන කියන්නන් හෝ නොවන බවත්, මෙම ගැටලුවට ආගම හෝ ජාතිය අදාල කර නොගත යුතු බවත් ඕමල්පේ සෝභිත හිමි පවසනවා.

ඒ නිසා බුද්ධිමත් හා සෘජු තීරණ ගන්නා ලෙස ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද සෝභිත හිමි අවධාරණය කරනවා.


No comments:

Powered by Blogger.