Header Ads

Breaking News
recent

රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

සංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසුවා.සැකකාර කොස්තාපල්වරයා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදල් ලබාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා. 
කොස්තාපල්වරයා එම මුදලින් ලබා ගත් බව කියන රන් මාලයක් හා දුරකථන පහසුකම් සැපයීමට යොදාගත් ජංගම දුරකථනයක්ද පොලිස් බාරයට ගෙන තිබුණා.

අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන පොඩි ලැසි නැමැත්තාට සැකකාර කොස්තාපල්වරයා විසින් අවස්ථා ගණනාවක දී දුරකථන පහසුකම් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් ලද රහසිගත තොරතුරකට පසු සිදුකළ විශේෂ විමර්ශනයකදී ඒ බව සනාථ වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

38 හැවිරිදි කොස්තාපල්වරයා කහටගස්දිගිලිය පදිංචිකරුවෙකි.

No comments:

Powered by Blogger.