Header Ads

Breaking News
recent

ශානිගේ ආරක්ෂාව තහවුරු කරන්න - ඥාතීන් ඉල්ලයි

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටින රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයක් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස එම ඥාතීන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් මෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. 

ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දක්වමින් එම ඥාතීන් පැවසුවේ ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටින කාලය තුළ ඔහුගේ අධීක්ෂණය යටතේ මහත් ආන්දෝලනයට තුඩු දුන් විමර්ශන රැසක් සිදු කෙරුණු අතර මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන්නේද එම පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස වන නිසා සිය පවුලේ ඥාතියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි භීතියකින් පසුවන බවයි. 

එමෙන්ම බන්ධනාගාර ගතව සිටි පසුගිය කාලය තුළම ඔහුගේ ජීවිතයට අවධානමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ පුවත් පළ වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටින කාලය තුළ වුවද විවිධ දේශපාලන බලපෑම් පැවති හෙයින් රාජ්‍ය නිලධාරියෙකු ලෙසත් ඔහු මත පැවරී තිබුණු රාජකාරීමය වගකීම් දෙස බලන විටත් ශානි අබේසේකර මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සාධාරණ බියක් ඇතිවන බවද එම ඥාතීන් පවසයි. 

එමෙන්ම මේ මොහොතේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත ප්‍රතිකාර ලබා දීම සඳහා කොළඹින් බැහැර ප්‍රදේශයකට යැවීමේ සූදානමක් පවතින නමුත් එය එසේ නොකර කොළඹ රෝහලකට හෝ අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීම මේ මොහොතේ එක් අතකින් ඔහුගේ ජිවිතාරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් බවද ඔවුන් සඳහන් කරයි. 


No comments:

Powered by Blogger.