Header Ads

Breaking News
recent

ජනාධිපති දෙවතාවක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා - අනුර

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. විසිවෙනි සංශෝධනය සම්මත වීමට පෙර ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි තත්ත්වයක් තිබියදී ඔහු ආරක්ෂක අමාත්‍යාංශය ධූරය දැරීම ව්‍යවස්ථා විරෝදී යයි ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම අප්‍රේල් මස 30 දා දක්වා අතුරු සම්මත ගිණුමක් හරහා මුදල් ද සම්මත කර දී තිබුනද ඉන් පසු කාලයේ දී ජනාධිපතිවරයා විසින් මුදල් වියදම් කළ බවත් එනම් අප්‍රේල් 30 සිට අගෝස්තු 30 දක්වා කාලයේදී බිලියන 690 මුදලක් වියදම් කර ඇති බවත් ඔහු චෝදනා කළේය.

එවන් මුදලක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව වියදම් කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයිද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.


No comments:

Powered by Blogger.