Monday, April 7 2025

Header Ads

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි.. මං හොරු ගන්නේ නෑ.. සජිත් රනිල්ට කියයි

මන් ජනාධිපති වූ පසු තම නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි තීරණය කරන්නේ තමන් විසින් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට කොඩිවිනයක් වූ පුද්ගලයන් තමන් කරගන්නේ නැති බවත් රටට හානිකර තීන්දු ගන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.

දැනට නම් කර ඇත්තේ නීතිය හා සාමය ඇමැති ලෙස සරත් ෆොන්සේකා මහතා පමණක් බවද ඔහු පැවසීය.
ඒ හැරුණුකොට වෙනත් කිසිදු ඇමතිකමක් නම් කර නැති බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ හොරණදී පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවේද අගමැති තමන් බවයි.


Leave a Comment

Powered by Blogger.