Tuesday, July 29 2025

Header Ads

ට්‍රම්ප්ගේ වියරුව ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට ගත් තීරණය වෙළෙඳ ගැටළුවක් පමණක් නොව යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් බවට පෙනී යන බවයි.

ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බව ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම ආසියාව කේන්ද්‍ර කරගත් වෙළෙඳ උපායමාර්ගයන් ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවද විපක්ෂ නායකවරයාගේ නිවේදනයෙන් අවධාරණය කර ඇත.


Leave a Comment

Powered by Blogger.