Tuesday, April 15 2025

Header Ads

හිටපු ජනපතිට කෝටි 33ක වාහන ගෙන්වලා.. දහම්ට BMW x5 ජීප්.. චතුරිකාට Lexus කාර්.. ලේඛණ හැන්සාඩ්ගත කරයි

සුගිය යහපාලනය රජය විසින් මැතිඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සභාගත කරන ද පිළිතුරක මෙම තොරතුරු දීර්ඝ තොරතුරු දැක්වෙයි.

එමගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් වාහන ගැනීමටයි.

ඔහු ගෙන්වා ඇති වාහන ගණන 09ක් වන අතර එ් සදහා වැය කර ඇති මුදල ලක්ෂ 3,289කි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වන ඔ්ෂල හේරත් විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ එම වාහන වලින් හිටපු ජනපති දියණිය චතුරිකා ලෙක්සස් වර්ගයේ මෝටර් රථයද, පුත් දහම් සිරිසේන වෙනුවෙන් BMW x5 වර්ගයේදී ජීප් රථද ගෙන්වා ඇති බවයි.


Leave a Comment

Powered by Blogger.