Wednesday, April 23 2025

Header Ads

ආදි ආනන්දියෙක් ලෙස ජනපති සමග එක්වන්න මා සූදානම් - දයා ගමගේ

දිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් ජයගෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සමග එක්ව රට ඉදිරියට ගෙන යන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පැවසීය.
රට පත්වී ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමට ආනන්දියන් ලෙස එක්වන්නැයි ජනාධිපතිවරයා කොළඹ ආනන්ද විදුහලේ දී පැවති උත්සවයකදී කරන ලද විශේෂ ඉල්ලීමක් කළ බවත් ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරන ඕනෑම හොඳ වැකට සහාය දීමට ආනන්දියෙකු ලෙස තමන් ද සූදානම් බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේ දී පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවද ඔහු පැවසීය.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග වැඩ කළා නම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීම ඉතා පහසු කාරණයක් බවද ඔහු තවදුරටත් කීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Leave a Comment

Powered by Blogger.