Wednesday, May 28 2025

Header Ads

පුංචි ඡන්දය මාලිමාව දිනන්නේ නෑ... රනිල්ගෙන් අභියෝගයක්!

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාවට බොහෝ ආයතන වල බහුතරයක් ලැබෙන්නේ නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

විපක්ෂයේ කණ්ඩායම් එකතු කරගෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතරය ලබාගෙන බලය ගැනීමට උත්සාහ කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,

“මාලිමාවට බොහෝ තැන්වල බහුතරයක් ලැබෙන්නෙත් නෑ. අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න. අප පමණක් නොව අනෙක් කණ්ඩායම්ද එකට එකතු විය යුතුයි. මම සජබෙ ගැන දන්නේ නෑ. හැබැයි කණ්ඩායම් ගණනාවක් එකතු වන විට ඔවුනුත් මේකට එකඟ වේවි.

එහෙම එකට එකතු වූ විට පළාත් පාලන ආයතනයේ සභාපති ලෙස පත් වන්නේ වැඩිම මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායමයි. අපට දැන් තිබෙන්නේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම ලබා ගන්නයි. අනෙක් අය සමග හැප්පෙන්නේ නැතිව එය කළ යුතුයි. ඔය කිව්වට මේ ගොල්ලන්ට දිනන්න බෑ.”

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වඳින අපේක්ෂක හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.


Leave a Comment

Powered by Blogger.