Header Ads

Breaking News
recent

මගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 50දෙනා 30ට අඩු කරලා… ආරක්ෂාව අඩු කර මරන්න හදනවා දැයි සැකයි… චන්ද්‍රිකා මහජන ආරක්ෂක ලේකම්ට ලියයි

විශ්‍රාමික ජනාධිපතිවරියක ලෙස තමන්ගේ අවම ආරක්ෂක අවස්ථාවන් සම්පූර්ණ කරගැනීම සඳහා අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු සිටිය යුතු බවට විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය (IV) විසින් තක්සේරු කර තිබෙද්දී තමන්ගේ ආරක්ෂාව සඳහා ලබා දුන් ආරක්ෂක නිලධාරීන් 30ක් දක්වා අඩු කිරීමෙන් තම සැමියා වූ විජය කුමාරතුංග මෙන් තමන්ද දේශපාලන හේතුමත ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැක පහලවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා සිටී.

ඇය දන්වා සිටින්නේ විශ්‍රාමික ජනාධිපතිවරු පස් දෙනාගෙන් වැඩිම ජීවිත තර්ජන ඇත්තේ තමාට බවය. ඝාතන උත්සාහයක් නිසා තුවාල ලද එකම ජනාධිපතිනිය තමන් බව කියන චන්ද්‍රිකා බණ්ඩාරනාකය කුමාරතුංග විශ්‍රාම ලබා සිටියත් තමා ඝාතනය කරන බව LTTE සංවිධානය විසින් 2006 -2014 කාලය තුළ තර්ජනය කර තිබෙන බව බුද්ධි වාර්තාවලින් සනාථවන බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත හමුදා නිලධාරීන් 63ක් සහ පොලිස් නිලධාරීන් 180ක් සහිත ආරක්ෂක නිලධාරීන් 243ක් ද, මෛත්‍රීපාල සිරිසේනට පොලිස් නිලධාරීන් 109ක් ද, ගෝඨාභය රාජපක්ෂට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරීන් 175කින් යුත් ආරක්ෂක නිලධාරීන් 200ක් ද ආරක්ෂාව සලසද්දී  තමන්ට සිටින ආරක්ෂක නිලධාරීන් 50 දෙනා 30 දක්වා අඩු කරන්නේ කුමන පදනමකින්දැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසා සිටියි.

ඇය අවසාන වශයෙන් දන්වා සිටින්නේ තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි සැක පහළ වන බවය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ..


No comments:

Powered by Blogger.