Header Ads

Breaking News
recent

ඇමති නාමල් විවෘත කළ කටුනායක මස් සැකසුම්ගාරයේ ඉලක්කය ලෝක අවශ්‍යතාවයෙන් 10%ක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මීට ටික දිනකට පෙර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ විවෘත කළ මතභේදයට තුඩු දී තිබෙන මස් සැකසුම් ගාරය හරහා ලෝක මස් අවශ්‍යතාවයෙන් 10%ක් සැපයීමට සූදානමින් සිටින බව rights for animals and nature සංවිධානය පෙන්වා දෙයි.

ලෝකයේ වාර්ෂික මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 330ක් පමණ බව පෙන්වා දෙන එම සංවිධානය ඒ අනුව කටුනායක මස් සැකසුම් ගාරයේ මෙට්‍රික් ටොන් මිලියන 33ක පමණ වාර්ෂික නිෂ්පාදනයක් සිදු කිරීමට නියමිත බව අවධාරණය කරයි.

එහෙත් ශ්‍රී ලංකාවේ වාර්ෂික මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 300ක පමණ අඩු අගයක පවතින බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

කටුනායක මෙම මස් සැකසුම්ගාරය ආසියාවේ විශාලතම මස් සැකසුම්ගාරය ලෙස ද එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම සංවිධානයේ සභාපතිත්වය දරන්නේ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ය.

No comments:

Powered by Blogger.