කොරෝනා ආසාදිතයෙක් ගැසු බුලත් කෙළ පහරක් වැදී පවුලක් නිරෝධායනයට…
බලන්ගොඩ සමනනල වැව කෝවිඩි නිවාරණ මධ්‍යස්ථානය වෙත බස් රථයකින් රැගෙන ගිය කෝවිඩි ආසාදිත රෝගින් පිරිසක් අතරින් කොරෝනා වෛයිරසය ආසාදනය විි ඇති කාන්තාවක බස් රථයේ සිට ගැසු බුලත් කෙළ පහරක් වැදිම හේතුවෙන් මාර්ගයේ යතුරැ පැදියකින් ගමන් කල පුද්ගලයකු අැතුළු ඔහුගේ පවුලේ තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යෙමු කල බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පවසති.
කොළඹ ප්‍රදේශයේ සිට කොරෝනා රෝගින් පිරිසක් බලන්ගොඩ සමනල වැව කෝවිඩි නිවාරණ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර තිබෙන අතර බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදි බලන්ගොඩ ජාතික පාලස අසලදී එම බස් රථයේ ගමන් කල කෝවිඩි ආසාදිත කාන්තාවක මෙලෙස බස් රථයෙන් පිටතට බුලත් කෙළ ගසා තිබෙන අතර මාර්ගයේ යතුරැ පැදියකින් ගමන් කල ලංකා ගමනාගමන මණ්ඩලයට රියැදුරෙකුගේ අැගට එම බුලත් කෙළ පහර වැදි ඇත.
අදාළ සිද්ධිය සමිබන්දයෙන් ඔහු 119 පොලිස් හදිසි දුරකතය අංකයට දැනුම් දි ඇත. පසුව ඔහුගේ යතුරැ පැදිය විෂභිජහරණය කිරිමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇති අතර ඔහු ඇතුළු පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යෙමු කල බලන්ගොඩ බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.
කොරෝනා වෛරස අාසාදනය වි ඇති රෝගින් ප්‍රවාහනය කිරිමෙිදි නිසි ආරක්ෂිත වැඩ පිළිවලක් යටතේ ප්‍රවාහනය නොකිරීම හේතුවෙන් අදාළ සිද්ධිය ඇති වු බවට ජනතාව චෝදනා කරති. එම බස් රථයෙන් කොළඹ ප්‍රදේශයේ සිට බලන්ගොඩ ප්‍රදේශයේ කොවිඩි නිවාරණ රෝහලට රෝගින් රැගෙන යැමෙිදි ජනතාව නොදැකපු මෙවැනි බුලත් කෙළ ගැසිමි, බස් රථයේ සිට වෙනත් දැ ඉවතට විසිකිරිම වැනි දේවල් කොතරම් සිදු කර ඇතැයිද ජනතාව කියති.
ආරක්ෂිත වැඩ පිළිවෙළක් නොමැතිව මෙවැනි ආකාරයෙන් කොරෝනා රෝගින් රට වටා ප්‍රවාහන කිරිම තුලින් සිදු වෙන මෙවැනි සිද්ධින් හේතුවෙන් කොරෝනා වෛරස රට පුරා පැතිරිමට රැකුලක් වෙන බවද ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙති.
– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන
No comments: