Header Ads

Breaking News
recent

කොරෝනා මෘතදේහවලට මිනී පෙට්ටි නොමිලේ දෙන සංවිධානයට තර්ජන… ආදාහනයට විරුද්ද පිරිස්ගෙන්ලු

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් සඳහා මිනී පෙට්ටි නොමිලේ පිරිනැමීම සඳහා කටයුතු කරන තම පදනමට තර්ජන හා බලපෑම් එල්ල කරන බව සිහාරා ජනාසා අවමංගල පදනමේ සභාපති වරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරන කණ්ඩායමක් මෙසේ තමනට තර්ජණය කළ බවයි.

තමන් විසින් නොමිලේ මිනීපෙට්ටි පිරිනමන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ මත බවත් සමාජ සත්කාරයක් ලෙස මෙය සිදුකරන බවත් එහි සභාපති එස්.එච්.එම්. රිස්වාන් මහතා පැවසීය.

දැනටමත් තම පදනම විසින් මිනී පෙට්ටි 24ක් පරිත්‍යාග කර ඇති බවත් මෙම සමාජ සත්කාරය මුස්ලිම් ජනතාවට පමණක් සීමා වී නැති බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.


No comments:

Powered by Blogger.