පාස්කු ප්‍රහාරයේ සරත් හෙළි කරන රහස් !
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිවැරැදිව නොකළ බවත් පාස්කු ප්‍රහාරයේ යට ගැසූ කරුණු රැසක් අනාවරණය කරගැනීමට ඒ ගැන සෙවීමට පත්කළ විශේෂ පොලිස් කණ්ඩායමට හැකිවූ බවත්ම හජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ ය.
එම පරීක්ෂණ යටගැසීම හා නොමග යැවීම සඳහා රහස් පොලිසියට යහපාලන ආණ්ඩුවේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන්ගේ බලපෑම් එල්ල වී ඇති බවත් එම සියලු කරුණු ළඟදී ම රට හමුවේහෙළිවනු ඇති බවත් අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ ය.
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර ඇතැම් පල්ලි සඳහා කඩු 1,000ක් චීනයෙන් ගෙන්වා ඇති බවත් කඩු ගෙන්වීමට හා ඒවා බෙදාහැරීමට ක්‍රියා කළ පුද්ගලයන් පස්දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී එම කඩු ගැන තවත් සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එසේ ගෙන්වන ලද කඩුවලින් 450ක් දැනට සොයාගෙන තිබෙන බවත් 300ක් පමණ මුහුදට දමා තිබෙන බවත් ඉතිරි කඩු 250ක්සො යා ගැනීම සඳහා පරීක්ෂණ තවදුරටත් කරගෙන යන බවත් අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ ය.
යම්කිසි පෙර සූදානමක් වෙනුවෙන් මෙම කඩු ඇතැම් පල්ලිවලට බෙදා ඇති බවත් කඩු මෙසේ ගෙන්වීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පවතින සම්බන්ධතාව ගැන තවදුරටත් පොලිස් විමර්ශන කරගෙන යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මීට අමතරව පසුගිය ආණ්ඩුව සමයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගත් පුද්ගලයන් කිහිපදෙනෙකු ම වර්තමාන ආණ්ඩුව යටතේ කරන ලද පරීක්ෂණවලින් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් මෙතෙක් හෙළි නොවූ ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිවූ බවත් අමාත්‍ය වීරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඉරිදා මව්බිම
No comments: