Header Ads

Breaking News
recent

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනාට වැඩ වරදී? පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපති අතට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදිමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 11.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු සෙසු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට භාරදිමට නියමිත බව වාර්තා වේ.

2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.

වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.

ඒ අනුව ඊට අදාළ අවසන් වාර්තාව මේ වන විට සකස් කර ඇති අතර කොමිසම විසින් සිදුකළ සියලු සාක්ෂි සටහන් කර ගැනිම් ද අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමට නියමිතය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.


No comments:

Powered by Blogger.