ලංවිම විශාල මූල්‍ය අර්බුදයක - ජනතාවගේ කර පිටින් ණය පියවන්න හදයි ?
ලංකා විදුලිබල මණ්ඩලය මෙම ජනවාරි මාසයේ සිට විදුලි ඒකකයක් සඳහා රුපියල් 2.50ක මිල වැඩි කිරීමට සිදුකිරීමට සූදානම්ව ඇතැයි වාර්තා වේ.
එය මෙම වසරේදී වසරේදී පමණක් නොව 2022 හා 2023 වසරවලදීද මෙසේ රුපියල් 2.50 බැගින් විදුලි ඒකකයකට අය කරන මුදල වැඩි කිරීමට සූදානමක් ද තිබේ.
මේ සඳහා මූල්‍ය දායකත්වය ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ආධාරයක් ලෙස ලබා දෙන බවද පැවසේ.
මේ ගාස්තු වැඩි කිරීමට අමතරව මාසික ස්ථාවර ගාස්තුද වැඩි කිරීමට යෝජනා කර තිබේ. ඒ අනුව පාරිභෝගිකයකුගේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1800 හා 3600ක් ලෙසින් වැඩිවනු ඇති බව වාර්තා වේ.
මේ හේතුව නිසා එක් මාසයකට ඒකක 100ට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයින්ට පමණක් නොව ඒකක 100 සිට 200 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයන්ගේද විදුලි බිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
පසුගිය 2020දී අඩු වූ ඉල්ලුම 2021දී වැඩිවෙයි
ගෙවී ගිය 2020 වසරට සාපේක්ෂව මේ වසරේදී විදුලි අවශ්‍යතාව ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යාංශ්‍ය සඳහන් කරයි.
කොරෝනා වසංගතය හමුවේ ව්‍යාපාරික ආයතන රැසක් වසා තැබිම හමුවේ විදුලි අවශ්‍යතාව සැලකිය යුතු මට්ටමකින් අඩු වු බව එහි මාධ්‍ය අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
මේ වන විට රටේ සියලු අංශ අධියර වශයෙන් යළි විවෘත වන බැවින් මේ වසරේදි විදුලි අවශ්‍යතාව ද ඉහල යනු ඇති බව ඔවුන් අපේක්ෂා කරයි.
පෙබරවරි, මාර්තු සහ අප්‍රේල් මාසවල උණුසුම් කාළගුණයක් පවතින බැවින් එම කාලසීමාව තුල දෛනික විදුලි අවශ්‍යතාව තවදුරටත් ඉහල යනු ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලය මූල්‍ය අර්බුදයක - ඩලස්
ලංකා විදුලිබල මණ්ඩලය විශාල මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා පැවති හමුවකදී සඳහන් කළේය.
ජනාධිපතිවරයා බලයට පත්වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 80ත් 85ත් අතර පැවති බවත් 2020 වර්ෂයේ දි එම අලාභය රුපියල් බිලියන 45 දක්වා අඩුකරගැනීමට හැකිවු බව ඒ මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
"විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අර්බුදයක් තියෙනවා. 2020 වර්ෂයේ දි විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 45 දක්වා අඩුකරගැනිමට හැකිවුණා. ඒ සඳහා කෝවිඩ් තත්වය වර්ෂාපතනය මෙන්ම කළමණාකරණය බලපෑවා. ලංකාවේ විදුලිය ජනනය කිරීම සඳහා එක් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 23.87ක් වැයවෙනවා. නමුත් විදුලි ඒකකයක් ලබාදෙන්නේ. රුපියල් 16.60කට. ඒ අනුව එක් විදුලි ඒකකයකින් රුපියල් 07ක අලාභයක් ලබනවා. වාර්ෂික බිලියන 16ක් විතර අලාභයක් සිදුවෙනවා."
No comments: