Header Ads

Breaking News
recent

PM orders the release of all consignments of essential commodities

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළ බවයි.

ජනතාවගේ ජීවන වියදම් පිළිබඳ අවාධනය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාට මෙම නියෝගය නිකුත් කර තිබේ.

Zoom තාක්ෂණය ඔස්සේ අද (24) රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ, එලෙස නිදහස් වන ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යාවශ්‍ය ආහර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බව ද එහිදී අවධාරණය කර තිබේ.


No comments:

Powered by Blogger.