Header Ads

Breaking News
recent

මල්ෂා ඉරාජ්ගේ නංගීට යැවු - කවින්දගේ යැයි කියා සමාජ ජාලා හෙල්ලූ - සමලිංගික වීඩියෝව ගැන ඇත්ත හෙලි කරයි

පුතා මගෙන් දැන් මොකද්ද වෙන්න ඕනෙ කියල ඇහුවා
හරින් ඇමතුමක් දී මගේ පොලීසියට ඇයි පොලීසියෙන් එව්වෙ කියල ඇහුවා
මල්ෂාගේ දුරකතනය පොලිස් භාරයට ගත්තා

නීතියේ සාධාරණත්වය තමන්ට කඩිනමින් ඉටුකර දීමට මැදිහත් වීම පිළිබඳ වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සිය දහස් වාරයක් ස්තුතිවන්ත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

කිසියම් පිරිසක් තමනට මඩ ගැසීමේ අරමුණින් නිර්මාණය කරන ලද අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම ගැන තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කළ බවද ඔහු පැවසීය.

ජනාධිපතිතුමන් ඊට ක්‍ෂණිකව මැදිහත් වී තමනට නීතිය ඉටු කර දීමට කටයුතු කළ බවත් ඒ අනුව රහස් පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ වීඩියෝව මුදාහළ සැකකරුවන් ගැන තොරතුරු හෙළි වී තිබෙන බවද ඔහු පවසයි.

තවද එම විඩියෝව ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට හරින් ප්‍රනාන්දු මහතාගේ නිවසට පොලීසියෙන් ගොස් ඇති බවත් එම මොහොතේ ඒ මහතා තමාට දුරකතන ඇමතුමක් ලබා දී තමන්ගේ නිවසට පොලීසියෙන් එවුවේ අයි දැයි ඇසූවේ යැයි පැවසීය.

මල්ශා කුමාරතුංග මහත්මිය ඉරාජ් වීරරත්නගේ නැගනියට එම වීඩියෝ යවා ඇති බවද ඒ පිලිබදව අපරාද පරීක්ශන දෙපාර්තුමේන්තුව ඇයගේ දුරකතනය පොලිස් භාරයට ගෙන ඇති බවදත් එම වීඩියෝව ඉංදියාවේ නළුවන් දෙදෙනෙකු ලවා සැකසූ පැයකට ආසන්න එකක් යැයිද පැවසීය

තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම වීඩියෝව සමාජජාලාවලට මුදාහැර ඇති බවද ඔහු තවදුරටත් උපුල් සන්නස්ගල මහතා සමග පැවත්වූ සංවාදයකදී වැඩිදුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.