Header Ads

Breaking News
recent

ගෝඨායි අයෝමායි 9/11 ප්‍රහාරයේ සමරුවට මල් තියයි - (photos)

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට 20 වසරක් පිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය අභියස සංවිධානකර තිබූ විශේෂ සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ.

2001 වසරේ සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ වොෂින්ටන්හි පිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානය වූ පෙන්ටගනය ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. 

එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කෞතුකාගාරය එක්ව මෙම සැමරුම් වැඩසටහන සංවිධාන කර තිබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් නිවේදනයේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින සෙසු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.


No comments:

Powered by Blogger.