Crysbro වගකීම් විරහිතව කටයුතු කරලා; ප්‍රකාශයක් කරන්න; නැත්නම් වටලනවා !
ක්රිස්බ්රෝ කුකුල් මස් (Crysbro) නිෂ්පාදනය කර බෙදාහරින FARM’S PRIDE (PVT) LIMITED ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටි සේවකයකුට කොඩිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔවුන් වගකීම් විරහිත අයුරින් ක්‍රියා කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියයි.
ඔහු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් මේ බව කියා සිටී.
එම ආයතනය වහාම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු බවත්, ආහාර නිෂ්පාදනය කරනු ලබන ස්ථානයකින් කොඩිඩ් රෝගියකු මතුව තිබියදී ඒ ම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකිරීම ගැන සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයාට විමතිය පළකරන බවද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට හා බලධාරීන්ගේ ඇස් ඇරවීමට ලබන ඉරිදා දිනයේදී (17) පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බවද ඒ මහතා කියා සිටී.
ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටී.
PCR පරීක්ෂණ සෘණාත්මකයි
මේ අතර, ගම්පොළ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස්ලි ප්රසිදස් (Lesley Prasidas) මහතාගෙන් පසුගිය 09 වැනිදා ක්රිස්බ්රෝ සේවකයන්ගේ කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිථල සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ එම පරීක්ෂණ සෘණාත්මක බවයි.
කෙසේවුවද, එම සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවල ප්‍රතිථල ලැබී තිබුණේ දින 5කට පසුවය.
No comments: