Header Ads

Breaking News
recent

මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවේ බෙල්ලම හිර කරයි.. කොරෝනා මෘතදේහ ආදාහනයක් අමුණයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා වාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැනීමට අදහස් කරන තීරණ සඳහා එම කොමිසමේ කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සාදන ලද වාර්තාව මගින් අතිවිශාල වශයෙන් අහිතකර බලපෑමක් එල්ලවීමට ඉඩ ඇත.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග නිෂ්ප‍්‍රභ කරනු සඳහා ලක්රජය විසින් සකස් කරන ලද වාර්තාව ඉකුත් සති අන්තයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඒ ගැන තීරණය දැන ගැනීමට නියමිතය. මෙම වාර්තාව සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සිදු කෙරෙන්නේ මහා බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව, ටොක්ටෙනිගෝ උතුරු මැසිඩෝනියාව, මාලාවී යන රටවලින් සමන්විත මණ්ඩලයක් මගිනි.

එහිදී කොවිඞ් 19න් මියගිය මුස්ලිම් අයගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීමෙන් රජය එම ජන කොටසේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට තිබෙන යෝජනාවක්ද සාකච්ඡාවීමට නියමිතය.

– divaina


No comments:

Powered by Blogger.