Header Ads

Breaking News
recent

සරත් වීරසේකරට වඩා සිය ගුණයක් මං වටිනවා.. ඔහු පක්‍ෂ ශාඛාවක් හදා නෑ.. සාමාජිකයෙක් බදවාගෙන නෑ - විමලවීරගෙන් සරත් වීරසේකර දැඩි ප‍්‍රහාරයක්

රත් වීරසේකර මහතාගේ දේශපාලන බර කිලෝ එකක් නම් තමන්ගේ බර කිලෝ සීයක් බව රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා පවසයි.

අම්පාරෙන් සරත් වීරසේකර මහතා පන්නා දැමූ කතාව අමූලික බොරු පවසන දිසානායක මහතා කිසිවකු අම්පාරෙන් ඔහුට යන්න කීවේ නැතැයිද කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටම සඳහා නැගෙනහිර පළාතේ කටයුතු කළ එකම මන්ත්‍රීවරයා තමන් බව ද පවසන ඔහු ජයග්‍රහණය ලබා ගත් විට පැත්තකට කර තිබීම ගැන තමාට වේදනාවක් ඇතැයිද පවසයි.

පක්ෂය ගොඩනැගීමේදී ශාඛාවක් වත් බිහි නොකළ, පක්ෂයට සාමාජිකයෙක්වත් බදවා නොගත් අයට අද කැබිනට් ඇමති ධුර ලබාදී ඇතැයිද ඔහු චෝදනාවක් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.


No comments:

Powered by Blogger.