"මම නම් ආණ්ඩුව දාලා යන්නේ නැහැ - ආණ්ඩුව මාව දාලා යයිද දන්නේ නැහැ" - විමල්ගෙන් අමුතු කතාවක්
තමා කිසිවිටෙකත් ආණ්ඩුව හැර දමා නොයන නමුත් ආණ්ඩුව තමා අත්හැර යයි ද පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව විමල් වීරවංශ මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා,
ප්‍රශ්නය - ඔබතුමා තවදුරටත් ඉවසන එක ද කරන්නේ?
විමල් වීරවංශ - ඇයි මම ඉවසන්න එපා ද?
ප්‍රශ්නය - ඔබ තුමාට පහරදෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරු නේද ?
විමල් වීරවංශ - මම නම් ඒ මන්ත්‍රීවරුන්ට දොස් කියන්නේ නෑ. ඒ මන්ත්‍රීවරුන්ට කවුරු හරි ඒක පවරනවා ඇති නේ. ඒ පවරන එකෙනා තමයි ඒ මන්ත්‍රීවරු අසරණ කරලා තියෙන්නේ.
ප්‍රශ්නය - ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම ද ඒකට හේතුව ?
විමල් වීරවංශ - බොහෝවිට.
ප්‍රශ්නය - ඔබ තුමා රටේ ජාතික සම්පත් වෙනුවෙන් දිගටම හඬ නඟනවා ද?
විමල් වීරවංශ - ඒක ඉතින් මම දේශපාලනය පටන්ගත්ත දිනයේ සිට අද දක්වා කරන දෙයක්.
ප්‍රශ්නය - ආණ්ඩුවේ දිගටම ඉන්න පුළුවන් වෙයි ද?
විමල් වීරවංශ - මම ආණ්ඩුව දාලා යන්නේ නෑ... මාව ආණ්ඩුව දාලා යයි ද දන්නේ නෑ
No comments: