Header Ads

Breaking News
recent

“කෲඩියා සෙලනිකා” ශාකය කපා දැමීමට එරෙහි වූ දේවානි ජයතිලකට විනය පරීක්ෂණයක් !

ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම මුලු ලොවටම ඉතිරිව ඇති එම වර්ගයේ අවසන් ශාකය කපා දැමීමට එරෙහි වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිනියක් වන දේවානි ජයතිලකට විරුද්ධව විනය පරික්ෂණයක් සිදු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් කටයුතු යොදමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි.

කෲඩියා සෙලනිකා නම් උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන මෙම දුර්ලභ ශාකය ගම්පහ දාරලුව දුම්රිය ස්ථානය අසල ඇති ගෙවත්ත වැවී තිබී හමු වූ අතර මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිකිරීමේ කටයුතු වල නියැලුන සමාගම විසින් එම අති දුර්ලභ ශාකය කපා ඉවත් කිරීමට ක්‍රියා කරද්දි එම ස්ථානයට පැමිණි දේවානි ජයතිලක නිළධාරිනිය විසින් එයට දැඩි ලෙස විරෝධය පැමෙන් පසු එම දුර්ලභ ශාකය කපා ඉවත් කිරීමේ කටයුත්ත තාවකාලිකව නතර කිරිමට සිදුවිය.

මේ අතර දේවානි ජයතිලකට අද දිනයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති අතර අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරිමේ චෝදනාව නඟා ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරිමට ඉහළ නිළධාරින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.


No comments:

Powered by Blogger.