Header Ads

Breaking News
recent

රංජන්ගේ ශාලාවේ මිනී මරුවෙකු, චන්ද්‍රපුෂ්පගේ ගෝලයෝ, කලු තුෂාර ඉන්නවා.. ඔහුගේ ජීවිතය අනතුරු දායක තැනක – දිලිප් කියයි

සිවු අවුරුදු සිරදඬුවමකට යටත්ව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා රඳවා ඇති අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළදී ඔහුට ජීවිත තර්ජනයක් ඇතැයි හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

සිරගතව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සදහා අද (18)දින දහවල් අඟුණකොළපෑල්සස බන්ධනාගාරයට පැමිණි දිලිප් වෙදඅරාච්චි මහතා බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය අමතා එසේ පැවසීය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයාට සිරදඬුවම් ක්‍රියාත්මක කරන අවස්ථාවේ රජය පැවසුවා ඔහුට සුදුසු තැනක් ලබා දී දඬුවම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියා. නමුත් මේ වන විට වත්මන් ආණ්ඩුව රංජන් රාමනායකගේ ජීවිතය ගැන කිසිදු සැළකිල්ලක් දක්වන්නේ නෑ.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිරගත කර ඇති ශාලාවේ හම්බන්තොට මිනී මරුවෙකු වූ ජූලම්පිටියේ අමරේ ඉන්නවා.තංගල්ලේ සංචාරක හෝටලයක් තුළ විදේශීය කාන්තාවක් ඝාතනය කිරීමේ වරදට හසුවූ සම්පත් චන්ද්‍රපුෂ්පගේ ගෝලයෝ ඉන්නවා කලු තුෂාර ඉන්නවා. විවිධ අපරාධ වලට සම්බන්ධ පාතාල ක්‍රියාකාරිකයින් ඉන්නවා. මේ නිසා රංජන් රාමනායක මන්ත්‍රී වරයාගේ ජීවිතය අනතුරු දායක තැනක තිබෙනවා.

වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සදහා පත්කොට ඇති විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හරහා තම ගජ මිතුරන්ගේ නඩු ඉවත් කරන්නට කටයුතු කරනවා පමණක් නොවෙයි එම නඩු වලට සම්බන්ධ පැමිණිලිකරුවන් හා එම නඩු දමාපු නිළධාරීන්ට දඩුවම් දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ අතර තුර දේශපාලන පළිගැනීමක් විදියට රංජන් රාමනායකට හිංසා කරමින් ඉන්නවා.

මේ ආණ්ඩුව බලයට ආවේ මහබැංකු මංකොල්ල කරුවන් අත්අඩංගුවට ගන්නවා කියා. පාස්කු දින ප්‍රහාරයනට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නවා කියා. නමුත් ඒ සියල්ල පැත්තකින් තබා ආණ්ඩුවට එරෙහිවන දේශපාලඥයින්ට දඩුවම් කරන්න ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නවා.


No comments:

Powered by Blogger.