Header Ads

Breaking News
recent

භූමදානය ගැන අගමැති කීවේ ඔහුගේ පුද්ගලික මතයයි.. කොරෝනා මෘතදේහ තව දුරටත් ආදාහනයමයි - කැබිනට් ප‍්‍රකාශක

කොරෝනා ආසාදිත ව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදාන කිරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා ප්‍රකාශ කළේ ඔහුගේ පෞද්ගලික මතය බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.

එම මෘත දේහයන් ආදාහනය කරන්නේ ද භූමදානය කරන්න යන්න ද යන්න පිළිබඳ තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බවද ඔහු පැවසීය.

ඒ ගැන තීන්දුවක් ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවත් ඔවුන් ලබාදෙන උපදෙස් මත එය තීරණය වන බවත් ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

කොරෝනා මෘතදේහ භූමදානය සඳහා අවසර දෙන්නේ නම් එය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් එතෙක් මළ සිරුරු ආදාහනය කිරීම ඉදිරියටත් ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.

එය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අගමැතිවරයාට හෝ ඇමතිවරුන් නොහැකි බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


No comments:

Powered by Blogger.