Header Ads

Breaking News
recent

වාසුදේවගේ කතාව අස්සේ විමල්-දයාසිරි ලොකු සාකච්ජාවක් !

ද (10) දින පාර්ලිමේන්තුවේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය කතාව කරමින් සිටින අතරවාරයේ සභා ගැබේ රැදී සිටි මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ශ්‍රීලනිප මහලේකම්වරයා වන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර දීර්ඝ සාකච්ජාවක් සිදුව තිබේ.

මෙහිදී දෙදෙනා අතර බොහෝ වේලාවක් සාකච්ජාව පැවැති බවත්, සබා ගැබේ රැදී සිටි අනෙකුත් මැතිඇමැතිවරුන්ද දෙදෙනාගේ මේ සාකච්ජාව දෙස බලා සිටි බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් දෙදෙනා අතර කුමන කරුණක් සාකච්ජා වූවේද යන්න පිළිබදව මෙතෙක් අනාවරණය වී නැත.

පසුගිය දිනෙක මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් විමල් වීරවංශ මහතාට ආණ්ඩු පක්ෂයෙන් ඊයේ දිනයේ දැඩි ප්‍රහාරයක් එල්ල වූ ආකාරයක්ද දැකගත හැකි විය.


No comments:

Powered by Blogger.