Header Ads

Breaking News
recent

මගේ සහෝදරයා මෛත්‍රීව පාස්කු ප‍්‍රහාරයට කොටු කරන්න හදනවා - ඒව කොහෙද - කරල බලමු අපි ලෑස්තියි - ඩඩ්ලි දැඩිව අනතුරු අගවයි | Dudley Sirisena


තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සදහා කොටු කරන කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ‍ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
‘එහෙම කොහෙද.. පුළුවන් නම් කරල බලමු.. අපි ලෑස්තියි’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘මෛත්‍රීපාල සේරටම වඩා හොඳයි’ යයි දැන් සමහරු කියන බවත් කවුද හොඳ පාලකයා කියා රටම දන්නා බවත් ඒ මහතා පවසයි.

ඉදිරියේදී විශාල හාල් හිගයක් ඇති වන බව තමන් වේලාසනම සඳහන් කරන බවද පවසන ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට පිස්සු යයිද සදහන් කරයි.

No comments:

Powered by Blogger.