Header Ads

Breaking News
recent

ස්වයං පාලනය නොදුනහොත් ජාත්‍යන්තර සහායෙන් වෙනම රාජ්‍යක් පිහිටුවනවා - TNA

දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය තහවුරු වන ලෙස දේශපාලන විසඳුමක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තර සහාය ඇතිව වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට බල කිරීමට සිදුවන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානය මේ බව සඳහන් කර සිටියේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ විද්වත් කමිටුව හමුවේ දී ය.

නව ව්‍යවස්ථාව මගින් උතුරු නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් විසඳුමක් බලාපොරොත්තු වන බවද දෙමළ සන්ධානය සඳහන් කර තිබේ.

දෙමළ සන්ධානය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා එම කමිටුව හමුවේ මෙම අදහස් පළ කර ඇත.


No comments:

Powered by Blogger.