Header Ads

Breaking News
recent

ආණ්ඩුවට ආවොත් නිදහස් කරනවා.. හිරේ සිටින රන්ජන්ට ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් දුරකතනයෙන් අමතා දැනුම් දෙයි - (video)

දැනට බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ආණ්ඩුවට එක්වන්නේ නම් නිදහස් කරන බව ඔහුට දැනුම් දී ඇති බව සමගි ජනබලවේගය චෝදනා කරයි. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරන්නේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් මෙම දැනුම් දීම කර ඇති බවයි.

ඉකුත් දිනෙක රාත්‍රී කාලයේ බන්ධනාගාර නිලධාරියෙකුගේ දුරකතනයට ඇමතුමක් ලබා ගනිමින් රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කරගෙන මෙම ඉල්ලීම කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

රංජන් රාමනායක මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට එක්වී නිදහස ලබා ගැනීමට කිසිදු සූදානම් නැති බව ද පැවසූ ඔහු මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැසිකිළි සේදීම වැනි පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති බවද කියා සිටියේය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.