Header Ads

Breaking News
recent

මඩොල්සිමදි නැතිවු ත්‍රිමාණ ශිල්පියාගේ දේහය විශේෂ බලකා සෙබලුන් ගැහෙන සීතලේ හොයාගත් හැටි - (video)

පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි සිරස රූපවාහිනී නාලිකාවේ ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පි දිනුර විජේසුන්දරගේ දේහය සොයා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඉතා දැසි සීතලක් පැවති කාළගුණයකදී වුවද යුද හමුදාවේ විශේෂ බලකායේ නිලධාරීන් ඊයේ අලුයම රැෆ්ලීන් කඹ ආධාරයෙන් ඊයේ  පෙරවරුවේ පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට බැස අතුරුදහන් වූ මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක නිරත වෙමින් එහි ප්‍රපාතයේ ගලක් මත රැඳී තිබියදී අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

පසුගිය ඉරිදා 12 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සමග පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියදී මෙම තරුණයා අතුරුදහන් වී තිබුණා.


No comments:

Powered by Blogger.