Header Ads

Breaking News
recent

විපක්ෂය බංකොලොත්, රටේ බලය ගන්න නං කාලාන්තරයක් බලං ඉන්න වෙයි ! (Video)

සියලු කරුණුවලදී ආණ්ඩුව ඉදිරියේ පරාජයට පත්වන විපක්ෂය දේශපාලන වශයෙන් බරපතල ලෙස බංකො‍ලොත් තත්වයට පත්ව ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. විපක්ෂයේ කාර්යභාරය තේරුම් නොගන්නා වත්මන් විපක්ෂයට අනාගතයක් නොමැති බවත් ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු බලය ලබා ගැනීම ඔවුන්ට හීනයක් පමණක් බවත් ඇමතිවරයා පවසනවා. ආණ්ඩු බලය ලබා ගැනීමට නම් විපක්ෂයට තවත් කාලාන්තරයක් බලා සිටීමට සිදුවන බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාතික නිදහස් උළෙලට පැමිණීම අගය කරන බව පවසන ‍ඇමතිවරයා, එවැනිම ආකාරයෙන් කොවිඩ් මර්දන සටනේදීද ආණ්ඩුව සමග එකට වාඩිවූයේ නම් එය කෙතරම් වැදගත් පණිවුඩයක් විය හැකිව තිබූ බවද සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්දෙස සුරැකි සිව්වසර යන තේමාව යටතේ ඊයේ (06) පැවති කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කටුගම්පොළ ආසනයේ ආසන බල මණ්ඩල රැස්වීමට පැමිණි අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Powered by Blogger.