Header Ads

Breaking News
recent

අලි මදිවට හරක්: විස පොල්තෙල්වලට කලින් විස මිරිස් මෙට්‍රික්ටොන් 200කුත් ඇවිත් !

මාගම් 17ක් විසින් මෙරටට ආනයනය කළ ඇෆලටොක්සීන් අඩංගු වියළි මිරිස් මෙට්‍රික්ටොන් 200කට අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිදහස් වී ඇති බව වාර්තා වේ.

රසායනාගාර පර්යේෂණ වාර්තා ලැබීමට පෙර ඒවා මුදාහැරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර නඩු කටයුත්තක් ආරම්භ කිරීමටත් සිදුව ඇති බව දැනගන්නට තිබේ.

2019 වසරේ සැප්තැම්බර් මසදී මෙම මිරිස් තොගය වෙළෙදපොළට මුදාහැර ඇති බව පැවසේ.

ඒ අනුව රසායනාගාරවලින් ශරීරයට අහිතකර බවට තහවුරුකර තිබියදීත් ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත්වීමට හේතුව බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

“ජනතා සෞඛ්‍යට වඩා ව්‍යාපාරික අවශ්‍යතාවයන් සැපිරෙනව ද කියලා කරුණක් අපිට මතු වෙනවා. මීට කලින් මිරිස් ගෙන්වීමේදීත් මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒවා යටගිය කාරණා බවට පත්වුණා. දැන් පොල්තෙල් සම්බන්ධයෙනුත් ඇතිවෙලා තියෙන තත්ත්වය හමුවේ, මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා.”


No comments:

Powered by Blogger.