රාජ්‍ය උදහසට ලක්ව සිටින දැරිය දිරිමත් කිරීමට මහා සංඟරත්නය වඩිති
සිංහරාජ වන විනාශය ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට රාජ්‍ය උදහසට ලක්ව සිටින භාග්‍යා අබේරත්න තව තවත් දිරිමත් කිරීම සඳහා ආශිර්වාද කිරීමට හා මව්බිමේ අනාගතය වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත්වීම පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රශංසාත්මක අගයකිරීම පිළිගන්වනු පිණිස ජාතික භික්‍ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා අද (18) පෙ.ව. 11.30ට ඇයගේ නිවසට වැඩමකිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.
ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසන්නේ මෙහිදී භාග්‍යා දියණිය හෙළිකළ සිංහරාජ වන විනාශය නිරීක්‍ෂණය කිරීමද කටයුතු කරන බවය.
පරිසරය රකින්න සියළු ආගමික නායකයන් පෙරට ආ යුතුයි – වනවාසී රාහුල හිමි
පරිසරය ආරක්ෂා කර ගැනීමට සියළු ආගමික නායකයන් පෙරට ආ යුතු යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හාමුදුරුවෝ ආරාධනා කරති.
“පරිසරය නොමැතිව මිනිසාගේ පැවැත්මක් නැහැ. පරිසර සංරක්ෂණය කිරීම කියන එක ඇත්තවශයෙන්ම මේ ලෝකේ ඉන්න රටේ ඉන්න සියලුම ජනකොටස්වලට අයිති වගකීමක්. මේ වනවිට ඇත්තටම පරිසර විනාශය පිළිබඳව විවිධ මාධ්‍යයන් ඔස්සේ රටේ කතා බහට ලක්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒක වලක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ. තමන්ගෙ ඇහැට දකින දේ කතා කතාකරපු ඒ දියනියට මානසික වශයෙන් පීඩනයක් ඇති කරනවා. ඇත්තටම ඒක වැරදියි. මේ රටේ පරිසරය ආරක්ෂාව වෙනුවෙන් බෞද්ධ නායකයෝ, කතෝලික පූජකවරු මේ සියලු දෙනාම නැගිටලා එන්න එළියට දැන්. පන්සල්වලට වෙලා පල්ලිවලට වෙලා කෝවිල්වලට වෙලා බුදියගෙන ඉන්න එපා. පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා ඔබ සියලු දෙනාම පෙරට එන්න. පාරට බහින්න කියලා සියලුම ආගමික නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා.”
No comments: