Header Ads

Breaking News
recent

සියළු මද‍්‍රසා පාසැල් තහනම් කරන බවක් මා කීවේ නෑ - සරත් වීරසේකර

ද්‍රසා පාසැල් සියල්ල තහනම් කරන බව තමන් කිසි විටෙක ප්‍රකාශ කළේ නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙරට සියළු දරුවන් සඳහා රටේ අනුමත වී ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක පාසල් තහනමක් නොකරන බවත් ඊට පටහැනිය ආගම හා භාෂාව පමණක් උගන්වන මද්‍රසා තිබේ නම් ඒවා තහනම් කළ යුතු බවත් ඇමතිවරයා පැවසීය.

මුස්ලිම් ආගමික නායකයන් සහ සංවිධානවල අනුමැතියද ඊට ලැබී ඇතැයිද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව අදහස් පළකළේ සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.


No comments:

Powered by Blogger.