Wednesday, August 13 2025

Header Ads

ද්විත්ව පුරවැසියන්ට ලොකුතැන් නොදෙන්නැයි ශ්‍රීලනිපයෙන් යෝජනාවක්

ද්විත්ව පුරවැසියන්ට රජයේ කිසිදු ප්‍රධාන තනතුරක් ලබා නොදීම ඇතුළු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් වාර්තාව අද (26) භාරදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ යෝජනාව මගින් දිවිත්ව පුරවැසියන්ට ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරු මෙන්ම රාජ්‍ය ආයතන සහ ජනාධිපති කොමිෂන් සභාවල සාමාජිකත්වය ඇතුළුව කිසිම තනතුරක් ලබා නොදෙන ලෙස යෝජනා කර ඇති බව පැවසේ.

අදාළ යෝජනාව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් යුත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කර ඇති කමිටුව වෙත බාරදීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව රටේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර බහුතර කැමැත්ත අනුව තීන්දුවක් ගත යුතු බවද එම යෝජනාවලියේ සඳහන්ව ඇති බව පැවසේ.

ව්‍යවස්ථාදායකය මන්ත්‍රී මණ්ඩල දෙකකින් යුතු වීම, මැතිවරණ ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම, බලය බෙදීම තහවුරු කිරීම ආදී යෝජනා ද එම යෝජනාවට ඇතුලත්ව ඇතැයි වාර්තා වේ.

මෙම කමිටුව ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගිය අගෝස්තු මාසයේදී පත්කර තිබිණි.

මූලාශ්‍රය - අනිද්දා


Leave a Comment

Powered by Blogger.