Header Ads

Breaking News
recent

උපන් ඇඳුමින් දිව්ව මන්ත්‍රී තාම පාර්ලිමේන්තු ඇවිත් නෑ !

මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් පවතින වීඩියෝවේ සිටින නිරුවතින් දිව් දේශපාලනඥයා මේ වන තුරුත් පාර්ලිමේන්තුවට පැමිණ නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන තුරු ආණ්ඩු - විපක්ෂ දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් කුතුහලයකින් යුතුව බලා සිටින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අද (24) පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන අතර මේ වන විට විවාදයක් ද පැවැත්වෙමින් තිබේ.

කාන්තාවක් සමග නිරුවතින් සිටි දේශපාලනඥයෙකු සිය කාර්යාලයේ සිටින අකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දක්නට ලැබෙන අතර එය අදාල කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් පටිගත කර මුදා හැරි එකක් බව වාර්තා වේ.

මෙම දේශපාලනඥයා ආණ්ඩුව වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව වන අතර ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබේ.


No comments:

Powered by Blogger.