Header Ads

Breaking News
recent

පිළිකාකාරක පොල්තෙල් තියාගන්න තැනක් නැති නිසා එම සමාගම්වල ගබඩාවලට යැවුවා - පොහොට්ටු ලේකම්

මෙරටට ගෙන්වන ලද පිළිකාකාරක පොල් තෙල් තොග රේගුවේ තබා ගැනීමට තැනක් නැති නිසා එම සමාගම් වල ගුදම්වලට යැවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍ සාගර කාරියවසම් මහතා පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද සඳහන් කළේය.

විපක්ෂය හිතන්නේ ඔවුන්ගේ කාලය තුළ රේගුවෙන් බඩු නිකුත් වුණේ නිසි ක්‍රියාධාමයට කියාලා. ඔවුන් හිතන්නේ තාමත් ඒ විදිහට සිදුවෙනවා කියලා.

මෙකේ ක්‍රමවේදය තමයි මේ රටට පොල්තෙල් ආවාම සාම්පල් ලබා ගැනීමයි. ඒ සාම්පල් සෞඛ්‍ය අංශවලට, ප්‍රමිති ආයතන වලට යවලා ඒ සාම්පල් වාර්තාව පැමිණෙන තෙක් ඒ පොල් තෙල් තබා ගන්න තැනක් නෑ. ඒ පොල්තෙල් යවනවා ගුදම්වලට.විකුණන්න නෙවේ. ඉන්පසුව දින කිහිපයක් යනවා ඒ වාර්තා එන්න.

පසුකාලයකදි පැමිණි පොල්තෙල් කිහිපයක පිළිකාකාරක ද්‍රව්‍යයක් තිබෙනවා කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ වාර්තාව අනුව කටයුතු කරේ විපක්ෂය නෙවේ. එය වහාම ක්‍රියාත්මක කරේ අපේ රජයයි.

දැන් මේක විපක්ෂය මේක අල්ලගෙන දගලන්න හැදුවට ඔවුන්ගේ කාලයේ කරේ ඔවුන්ට කැමති විදිහට රේගුවෙන් බඩු නිකුත් කිරීමයි. එහෙම නෑ. අපි නිතිය හරියට ක්‍රියාත්මක කරන රජයක්. වාර්තාව අසමත් වුණොත් නැවත තෙල් ප්‍රතිඅපනයන කිරීම කරන්නේ.

කවුරුහරි කියනවානම් අපේ රටේ විනාශ කරන්න ඕනේ කියලා මම හිතන්නේ අපේ රටට ආදරය නැති මනුස්සයෙක් තමයි කියන්නේ. මේ කියන විදිහට ලෝකයේ ඕනම රටක් ඔවුන් පාවිච්චි නොකරන කුණු ගොඩක් ලංකාවට එවලා අපේ රට කුණු විනාශ කිරීමේ රටක් බවට පත් කිරීමයි. මේක කරන්න බෑ.

ජාත්‍යන්තර පිළිගත් සම්ප්‍රදාය තමයි යම්කිසි වැරදිසහගත දෙයක් ආවොත් ඒ වැරදි සහගත දෙය අපි විනාශ කරන්නේ නෑ. අපි එවපු රටට යවනවා එය විනාශ කරන්න.

අපේ රජයට විරුද්ධව මඩ ගහන අයට කියන්න දෙයක් නැති වුණාම පොල්තෙල් ටිකක හරි එල්ලෙනවා. අපේ රජය ඉතා වගකීමෙන් යුතුව කටයුතු කර තිබෙනවා. ඒ අවශ්‍ය නිත්‍යානුකූලව අපි කටයුතු කර තිබෙනවා.


No comments:

Powered by Blogger.