Uber Eats නංගි පෙන්නා අක්කි දීම !
කොළඹ, මහනුවර, මීගමුව හා තදාසන්න ප්‍රදේශවල ගෙදරටම ආහාර ගෙනදීමේ ජනප්‍රිය සමාගමක් වන ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන Uber Eats දරුණු ලෙස ජනතාව ගසා කමින් සිටින බව වාර්තා වේ.
ඔවුන් ඉතා අඩු ප්‍රවාහන වියදමක් ආහාර ප්‍රවාහනය කිරීම සඳහා අය කරන බවට සටහන් කළ ද Uber Eats හි ඇප් මෘදුකාංගයේ ආහාර පානවල මිල සටහන් කිරීමේදී එම ආහාර පාන ලබාගන්නා වෙළඳසැල ඒවා අලෙවි කරනු ලබන මිලට වඩා 30%ක මිලකින් වැඩිකර සටහන් කර ඇත.
මෙසේ මිල ද 30%කින් වැඩිකර සටහන් කරනු ලබන එම සමාගම ප්‍රවාහන ගාස්තු ලෙස ද තවත් අතිරේක මුදලක් අයකරගනු ලබයි.
අදාළ සමාගම විසින් සිදුකරනු ලබන මේ සූක්ෂම වංචාව හේතුවෙන් එක් වෙළඳ සැලැකින් ආහාර ද්‍රව්‍ය 5ක් පමණ මිලදී ගතහොත් අදාළ පාරිභෝගිකයාගේ බිල්පතට රුපියල් 500ක පමණ වැඩිපුර මුදලක් බැරවීමේ අවදානමක්ද පවතී.
කෙසේවුවද, මේ වාසිය එය ගෙදරටම ගෙනදීමට දායකවන ශ්‍රී ලාංකික කුරියර් සේවා හවුල්කරුට නොලැබෙන බවද ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමේදී හෙළිවිය.
කුරියර් සේවා හවුල්කරුවන්ට අතිරේක ආදායමක් උපයාදෙන බව ඒත්තු ගන්වමින් අදාළ ආයතනය පාරිභෝගිකයාගෙන් ලබාගන්නා සන්තෝසම් මුදල නීතිගත කර තිබේ.
කෙසේවුවද, එම මුදලද අවසානයේ බැරවන්නේ පාරිභෝගිකයාටමය.
ඉකුත් නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ සිය සේවාවේ දෙවර්ශ පූර්ණය සැමරූ Uber Eats ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති ඇණවුම් ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ඇති බව කියා සිටියේය.
දළ වශයෙන් එම එක් ඇනවුමකින් ඔවුන් රුපියල් 100ක මුදලක් වැඩිපුර ඉපයීම සිදු කළේ නම් එහි ඔවුන්ගේ ආදායම මිලියන සියයකි.
අදාළ දෝශාරෝපන මඟ හැරීමට එම සමාගම පසුගිය කොවිඩ් සමයේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මිලියන 8.5 කට වැඩි වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් බෙදාදීම සිදු කළ බව පැවසේ.
කෙසේවුවද, මේ සියල්ල සම්බන්ධයෙන් Uber Eats පාර්ශවයෙන් තොරතුරු ලබා ගැනීමට Uber Eats ශ්‍රී ලංකා ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
මීට වසර තුනහමාරකට පමණ පෙර සිට ආරම්භ කරන ලද මේ සේවාව මේවන විට ලොව පුරා නගර 6000 කට අධික සංඛ්‍යාවක පිහිටි ආපනශාලා Uber සතු තාක්ෂණික හා ප්‍රවාහන ශක්තිය භාවිතා කරමින් කටයුතු කරන බවද එම සමාගම කියා සිටී.
ආහාර ඇනවුම් කරනු ලබන වෙළඳසැලේ මිල Uber Eats ඇප් මෘදුකාංගයේ සටහන්ව ඇති මිලට වඩා අඩු බව පහත හඬපටය මගින් තහවුරු කරගත හැකි වේ.
-srilankamirror
No comments: