Header Ads

Breaking News
recent

ධම්මික වෙනුවට ශ්‍රියන්ත ඉදිරියට එයි: පෙති 12යි: දවස් හතරෙන් කොරෝනා ඉවරයි

දේශීය ඖෂධ යොදාගනිමින් කොරෝනා රෝගය සුව කිරීම සදහා වූ පෙත්තක් නිෂ්පාදනය කිරීමට ලංකාවේ වෛද්‍යවරුන් පිරිසක් කටයුතු කොට ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ඖෂධය ජනතාව අතරට රැගෙන යාම සදහා ප්‍රවීණ නළු ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාද එක්ව සිටීමය.

එම ඖෂධය වෙළෙදපොළට ඉදිරිපත් කිරීම සදහා පැවැති උත්සවයේදී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා කියා සිටියේ දිනකට පෙති 3 බැගින් දින 4ක් නොකඩවා මෙම පෙත්ත භාවිත කිරීමෙන් කොරෝනා රෝගය සුවවන බවකි.

මෙම ඖෂධය පිළිබදව අපට වගකීමක් ගත නොහැකි නිසාත්, ‌එහි වෙළද නාමය සදහන් කළහොත් ඊට ලැබෙන ප්‍රචාරයක් වීම නිසාත් අප එම ඖෂධයේ වෙළෙද නාමය සදහන් කිරීමට කටයුතු නොකරමු.

No comments:

Powered by Blogger.