Header Ads

Breaking News
recent

ලොවම කම්පා කරවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2යි

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2 ක් සපිරෙනවා.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වෙන අතර, 8.45 ට විනාඩි දෙකක නිහැඩියාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට අදාළව ඊයේ පස්වරු 4 සිට අද දහවල් 12 දක්වා දේවස්ථානය අවට මාර්ග කිහිපයක ගමනාගමනය ද සීමා කර තිබෙනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 6 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

No comments:

Powered by Blogger.