Header Ads

Breaking News
recent

69 ලක්ෂයට ස්තූතියි මේ වෙලාවේ අපිව බලයට ගෙනාවට.. සජිත් හිටියා නම් වෙන්නේ මහ මඟ මැරෙන්න - SLPP

මෙවන් ව්‍යසනකාරී අවස්ථාවක වර්තමාන රජය බලයට පත්ව සිටීම වාසනාවක් වන අතර සජිත් ප්‍රේමදාසලා බලයේ සිටියේ නම් ජනතාවට සිදුවන්නේ මහමඟ මියයාමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (28) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදීය. 

''මෑත ඉතිහාසයේ මානව වර්ගයා මුහුණ දුන් භයානකම ව්‍යසනයට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටින අවස්ථාවක්. අපි දකිනවා ඉන්දියාවේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද,යුරෝපයේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද, ඒවගේම ලෝකයේ දියුණු යැයි කියන රටවල්  සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද  කියල. මේ අවස්ථාවේදී මම හිතන්නේ නිසි අවස්ථාවේදී අප රජය පත් කිරීම පිළිබඳව, වාසනාවකට වගේ මේ රජය මේ අවස්ථාවේදී පාලනයේ ඉඳීම සම්බන්ධයෙන් 69 ලක්ෂයක් වූ ජනතාවට අපගේ විශේෂ ස්තූතිය පළකරන්න ඕනේ. මොකද මේ අවස්ථාවේදී අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයේ පාලනය නොතිබුණා නම් මේ රටේ විය හැකි ව්‍යස්වනය තත්ත්වය මම හිතන්නේ අපිට හිතාගනන්වත් බැරි වෙයි. අමතක කරන්න එපා හිටපු රජයේදී පාස්කු ප්‍රහාරය සිදුවෙනවා අහවල් දවසේ අහවල් ස්ථානවලට බෝම්බ ගහනවා කියල ඉන්දියානු ඔත්තු සේවයෙන් දැනුම් දීලා තියෙද්දිත් එය වළක්වගන්න බැරි වුණ රජයක් තමයි පාලනයේ සිටියේ. ඒ අනුව සජිත් ප්‍රේමදාසල වගේ අය මේ රට පාලනය කරමින් සිටියා නම් මම හිතන්නේ අද ජනතාවට සිද්ධ වෙනවා පාරවල් ගානේ මැරිලා වැටිලා ඉන්න.''

මෙවන් ව්‍යසන තත්ත්වයකදී වුවද ආර්ථිකය කළමනාකරණය කර, ජනතාවට බඩගින්නේ සිටීමට සලස්වා  නැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ. 

වර්තමාන තත්ත්වයද  රජය යහමින් කළමනාකරණය කරමින් තියෙනවා හෙයින් ජනතාවත් ඔවුන්ට හැකි උපරිම සහය ලෙස රජය වෙනුවෙන් ඉල්ලා සිටින බවද කාරියවසම් මහතා සඳහන් කරන ලදී. 

No comments:

Powered by Blogger.